Monday, May 30, 2011

ඉන්ධන පිරිමැසීම පිලිබඳ දැක්වෙන ලේබලයක්


පරිසර හිතකාමී වාහනයක් ගන්න ඉන්න අයට හොඳ ආරංචියක් තියනව ඔන්න (හැබැයි මේක ඇමරිකාවෙ තමයි පටන් ගන්න හදන්නේ). ඒ තමයි ඉන්ධන පිරිමැසීම පිලිබඳ දැක්වෙන ලේබලයක් (Fuel Economy Labels) ඇමරිකාවෙ ප්‍රවාහන දෙපාර්ථමේන්තුව හා පරිසර ආරක්ෂණ ඒජන්සිය විසින් හඳුන්වාදෙන්න යනව. මෙම ලේබලයේ වාහනයේ ඉන්ධන පිරිමැසීම පිලිබඳ සියලුම දත්ත සටහන් වෙනව. එනම්,
- වාර්ෂික ඉන්ධන පිරිවැය ඇස්තමේන්තුවක්
- ඉන්ධන පිරිමැස්ම
- වාහනයේ පරිසර බලපෑම පිලිබඳ විස්තර
ඉන් කිහිපයකි. මෙමගින් වාහන කිහිපයක් ඉතා පහසුවෙන් සංසන්දනය කර ගැලපෙන එක තෝරගන්න පුලුවන්. ලංකාවටත් හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් මේකෙන්. තොරතුරු ගත්තෙ මෙතනින්.
වාහනයේ තාක්ෂණය හා ඉන්ධන වර්ගය අනුව නිර්මානය කරන ලද Sample Label ටිකක් පහත ලින්ක් එකෙන් බලන්න.
http://dl.dropbox.com/u/30418992/EPA_FE_Label-052311.pdf

Friday, May 27, 2011

පරිසරයට පිවිසීම



ඔන්න මමත් පටන් ගත්ත බ්ලොග් එකක් ලියන්න. මේ මගෙ පලවෙනි බ්ලොග් අත්දැකීම. මගේ බ්ලොග් එකෙන් මූලිකවම මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ අපේ පරිසරය ගැන. මේ ගැන කතාකරන්න අපි දැන් ගොඩක් ප්‍රමාද වෙලා තියෙන්නෙ. අපි පරිසරයට කරන බලපෑම දැන් පරිසරයට දරා ගැනීමට නොහැකියි. එම නිසා පරිසරය දැන් අපට බලපෑම් කරන්න පටන් අරන්. ඒක දැන් ඔයාලටත් දැනෙනව ඇති.
- අසීමිත ලෙස ස්වභාවික විපත් ඇතිවීම
- ගෝලීය උනුසුම ඉහල යාම
- කාලගුණ විපර්යාස
- ජලය, වාතය, සරු පස වැනි අපට ජීවත් වීමට අවශ්‍ය සම්පත් විනාශ වීම
වැනි දේවල් තමයි අපට නිතරම දකින්න, අහන්න ලැබෙන්නෙ. මෙයින් මිදෙන්න තවමත් අපට කාලය තියනව. මගේ අරමුන මේ ලෝකය ස්ව්භාව සෞන්ධර්යයෙන් පිරි සුරපුරයක් කිරීම නෙවෙයි. මේ ලෝකයේ අපට තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වීමට හැකි තැනක් කිරීමට මගේ දායකත්වය ලබාදීමයි.