Friday, August 5, 2011

නිදස් පක්ෂයට පරිසර හිතකාමී කාර්යාලයක්


ඊයේ එනම් 2011.08.04 දින විවෘත වුන මෙම ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂත්වය වන්නේ පරිසර හිතකාමී ආකාරයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබීමයි. මෙහි විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට සූර්ය කෝෂ භාවිතා කෙරේ මෙම කාර්යාල භූමියේ දිවි නැගුම වැඩසටහනට අනුව වගා කරන ලද විශාල ප‍්‍රමාණයේ ගෙවත්තක් ඇති අතර එහි වගා කටයුතු සඳහා වැසි ජලය යොදා ගනු ලබන්නේ විසිරි බිංදු තාක්‍ෂණයට අනුවය.