Showing posts with label Green. Show all posts
Showing posts with label Green. Show all posts

Thursday, June 2, 2011

මොකක්ද මේ LEED Certificate කියන්නෙ


LEED එහෙමත් නැත්නම් Leadership in Energy and Environmental Design කියන්නෙ ජාත්‍යන්තරව පිලිගත් පරිසර හිතකාමී ඉදිකිරීම් සඳහා සහතික ලබාදීමේ ක්‍රමයකි. මෙම සහතිකය ලබාදෙනු ලබන්නේ USGBC නැතහොත් U.S. Green Building Council මගිනි.

මෙම සහතිකය ලබාදීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලක් දක්වනු ලබන්නේ කොපමන දුරට සහතිකය ඉල්ලුම් කරන ගොඩනැගිල්ල හෝ ඉදිකිරීම පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර තිබේද යන්නයි. මේ සඳහා USGBC විසින් ලකුනු ලබාදීමේ ක්‍රම වේදයක් හඳුන්වා දී තිබේ. මෙම ලකුනු ලබාදෙනු ලබන්නේ එම ගොඩනැගිල්ල සඳහා යොදාගෙන ඇති තිරසාර සංවර්ධන සංකල්පය, ජලය විදුලිය වැනි සම්පත් අරපිරිමසින යන්ත්‍රෝපකරණ භාවිතය, අතුලත වාතාශ්‍රය හා පරිසරයේ තත්වය, නව නිර්මාණ යොදාගැනීම, නැවත ජනිත වන බලශක්තීන් යොදාගැනීම වැනි කරුණු සලකා බැලීමෙනි.