Wednesday, June 8, 2011

මේව තමයි කතා කළයුතු ප්‍රශ්න

මිහිතලය තුල පරිසර දූෂණය වැඩි වීමත් සමග හරිත පැහැය ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මිනිසා විසින් කරන ලද අයහපත් ක්‍රියාවන් නිසා නොයෙකුත් අකාරයේ පරිසර විනාශයන් අපට දැන් අත්දකින්නට ලැබී ඇත. දේශගුණික විපර්යාස, වන විනාශය, සත්ව විශේෂයන් වඳ වීම හා ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම, පරිසරය දූෂණය වීම අද අප අත්දකින පාරිසරික ප්‍රශ්න වලින් කිහිපයකි. අද දවසේ අපට දක්නට ලැබෙන පාරිසරික ගැටලු කිහිපයක් තවදුරටත් විස්තර ඇතුව බලනව නම්,

ගෝලීය උණුසුම ඉහල යාම
ගෝලීය උණුසුම ඉහල යාම අද අප මුහුනදෙන ප්‍රධාන පාරිසරික ගැටලුවකි. සරලවම කියනවනම් ගෝලීය උනුසුම ඉහල යාම එහෙමත නැත්නම් Global Warming යනු 20 වන ශතවර්ෂයෙහි මැද භාගයේ සිට පෘථිවි පෘෂ්ඨය හා පෘෂ්ඨාසන්න වාතයෙහි හා සාගරයන්හී සාමාන්‍ය උෂ්නත්වයෙහි ඉහළයාම සහ මෙම තත්වය අනාගත කාලය පුරාත් දිගින් දිගටම පැවතීමයි. පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ සෙල්සියස් අංශක 0.740 - 0.18 (±) ප්‍රමාණයකින් වෙනස්වී ඇත. මේ සඳහා ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ සීමාවකින් තොරව හරිතාගාර වායූන් පරිසරයට මුදාහැරීමයි. දේශගුණික විපර්යාස වලට පධාන වශයෙන් බලපාන්නෙ මෙම ගෝලීය උණුසුම ඉහල යාමයි. එමෙන්ම සත්ව විශේෂයන් වඳ වීම, වර්ෂා රටාව වෙනස් වීම හා මිනිසුන් මෙන්ම සතුන්ටද නොයෙක් බලපැඇම් ඇතිකරයි.


ඕසෝන් ස්ථරය විනාශ වීමට ප්‍රධාන ලෙස බලපානු ලබන්නේ CFC වායුවයි. ඕසෝන් ස්ථරය යනුවෙන් හැඳින් වෙන්නේ පෘථිවිය වටා ඇති අපවර්තී ගෝලයේ (stratosphere) දැලක් ආකාරයෙන් ඇති ඕසෝන් (O3) වායුවයි. මුලින්ම ඕසෝන් ස්ථරය අඩුවීම වාර්තා වුනේ 1970 දී පමන ඇන්ටාටිකා ප්‍රදේශයට ඉහලින්. කුඩා අංශු ලෙස එක්ස්ප්‍රේ කරන සුවඳ විලවුන් හා ශීතකරණ වැනි භාණ්ඩ සඳහා Chlorofluorocarbons නැතහොත් CFC යොදාගනු ලබනවා. මෙවැනි භාණ්ඩ වැඩිපුර භාවිතා කිරීම තුලින් ඕසෝන් ස්ථරය ඉක්මනින්ම හානි වේ. මෙලෙස ඕසෝන් ස්ථරය සිදුරු වී අහිතකර පාරජම්බුල කිරණ මිනිසුන්ට, සතුන්ට මෙන්ම ගහකොළ වලටද විශාල බලපෑමක් අති කරයි.

දූෂණය
අපට දිනපතාම අහන්න ලැබෙන වචනයක් තමයි දූෂණය කියන්නෙ. වායු, ශබ්ද, පස හා ජලය යන සියලුම අංශයන් ඉතා බයානක ලෙස දූෂණය වෙමින් පවතී. ප්‍රධාන වශයෙන්ම වායු දූෂණයට බලපානු ලබන්නේ අහිතකර රසායනික ද්‍රව්‍ය හා carbon monoxide, CFCs, nitrogen oxides, sulfur dioxide වාතයට මුසු කිරීමෙනි. නොයෙකුත් ආකාරයේ මිනිස් ක්‍රියාකාරකම් හා කාර්මික කටයුතු නිසා බැහැර වන රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය මුසු වීමෙන් ජලය මෙන්ම පසද දූෂණයට ලක්වේ.

ස්වභාවික සම්පත් ක්ෂය වීම
පරිසර දූෂණය, කාර්මීකරනය, පරිබෝජනය ඉහල යාම වැනි හේතූන් මෙලෙස ස්වභාවික සම්පත් ක්ෂය වීම සඳහා බලපානු ලබයි.අසීමඉත ලෙස මසුන් ඇල්ලීම නිසා සත්ව විශේෂ වඳ වී යාම, කඩදාසි, දැව හා ඉඩම්  සඳහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා ගස් කැපීම වැඩි වීම, ඉන්ධන දහනය වැඩි වීම නිසා ඛනිජ සම්පත් කැනීම වැඩි වීම හා එමගින් සම්පත් ක්ෂය වීම හා නොයෙක් ප්‍රශ්න මතු වීම  උදාහරණ ලෙස දැක්විය හැක.

මේ අප අද අත්විඳින පාරිසරික ගැටලු වලින් කිහිපයක් පමනි. මෙම ප්‍රශ්න වලින් තරමක් දුරට හෝ මිදිය හැක්කේ තම තමන් පුද්ගලිකවම පරිසරය ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමෙන් පමනි.


.
ඕසෝන් ස්ථරය විනාශ වීම

No comments:

Post a Comment