Wednesday, June 22, 2011

කොළ බඩු

සාමන්‍යයෙන් අපි යම් භාණ්ඩයක්, නිර්මානයක්, ඉදිකිරීමක් අගය කරන්නෙ එහි ක්‍රියාකාරිත්වය, සෞන්දර්ය, පිරිවැය වැනි සාධක පදන්ම් කරගෙනය. නමුත් Green Products (කොළ බඩු කිවුවෙ මේවට) නැත්නම් පරිසර හිතකාමී නිෂ්පාදන පිළිබඳ සැලකීමේදී සෞඛ්‍යට හා පරිසරයට වන බලපෑමට මුල් තැනක් හිමි වේ. යම් භාණ්ඩයක් එම කාර්යයම  කරගැනීම සඳහා භාවිතා වන වෙනත් භාණ්ඩයකට වඩා සෞඛ්‍ය හා පරිසර බලපෑම අඩු නම් එය Green Product එකක් ලෙස සැලකේ.
අද ලෝකයේ පුද්ගලයන් Green Product සඳහා දක්වන උනන්දුව වැඩි වෙමින් පවතී. පරිසර හිතකාමී ඉදිකිරීම් (particularly the U.S. Green Building Council's LEED® rating system) සඳහා දක්වන උනන්දුව වැඩිවීමත් මෙයට එක් හේතුවක් වී තිබේ. මොනවද මේ Green Product කියන්නෙ. මොන වගේ ලක්ෂණද දකින්න තියෙන්නෙ. බහුතරයක් Green Product වල පහත සඳහන් ලක්ෂණ ඇතුලත්ව ඇත.
    නිෂ්පාදනය භාවිත කිරීම තුලින් ගෘහස්ථ පරිසරයේ වාතාශ්‍රයේ ගුනත්වය අඩු නොවේ. (රසායනික ද්‍රව්‍ය භාවිතය අඩුය)
    මේවා කල්පැවැත්ම අතින් ඉහලයි. එමෙන්ම නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඉතා අඩුය
    බොහෝ දුරට නිෂ්පාදනය සඳහා ප්‍රතිචක්‍රීකරණය කරනලද ද්‍රව්‍ය භාවිතා කර ඇත (පරිබෝජනයෙන් ඉවත්කරනලද හෝ නිෂ්පාදනයේදීඅ පද්‍රව්‍ය ලෙස ඉවත්වන).
    මෙම භාණ්ඩ නිෂ්පාදනය සඳහා ස්වභාවික හා/ හෝ නැවත නැවත උත්පාදනය වන සම්පත් යොදා ගැනීම (Renewable Resources).
    භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී හා අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී බලශක්තිය අඩුවෙන් යොදා ගැනීම.
    CFC, HCFC හෝ අනෙකුත් ඕසෝන් ස්ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු නොවීම.
    අධික විෂ සහිත මූලද්‍රව්‍ය අඩංගු නොවීම හා නිෂ්පාදනයේදී විෂ සහිත අතුරු නිෂ්පාදන ඇති නොවීම.
    දේශීය (ලඟ අහල පහල ) මූලාශ්‍ර වලින් හා සපයුම් කරුවන්ගෙන් ලබාගැනීම.
    දැව හා අනෙකුත් ජෛවීය සම්පත් තිරසාර ලෙස ලබාගෙන තිබීම.
    මෙම භාණ්ඩ පහසුවෙන් වෙනත් කාර්යයක් සඳහා නැවත භාවිතා කළහැකි වීම (Reuse) (සම්පූර්ණ භාණ්ඩය හෝ කොටසක්)
    පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළහැකි වීම.
    ඉක්මනින් දිරාපත් වීම.

ඉහතින් දක්වා ඇත්තේ ලක්ෂණ කිහිපයක් පමනයි. භාණ්ඩ නිසා (නිෂ්පාදනයේදී, පරිබෝජනයේදී, බැහැර කිරීමේදී) පරිසරයට වන හානිය අඩුයි නම් එය Green Product එකක් ලෙස සැලකෙනව.

සරලම උදාහරණ :
    පොලිතින් බෑග් භාවිතා කිරීම වෙනුවට රෙදි බෑග් එකක් භාවිතා කිරීම.
    මේ දවස් වල ගොඩක් වාහන වල ඩෑෂ් බෝඩ් එක උඩ තියල තියන හිරු එලියෙන් ක්‍රියාකරන Motion Flower එක. අර කොළ දෙකක් වන වන ඉන්නෙ. ඒකට බැට්‍රි අවශ්‍ය නෑ.
Green Product භාවිතා කරන එක සෞඛ්‍යටත් හොඳයි පරිසරයටත් හොඳයි :-)

1 comment: