Tuesday, June 14, 2011

Geen Ideas

බලන්න මේ Green Ideas ටික. හරිම Creative.

01.   විදුලි බලය උත්පාදනය කර දුන්නොත් නොමිලේ කෑම වේලක්


ඩෙන්මාර්කයේ කොපන්හේගන් නගරයේ පිහිටි ක්‍රවුන් ප්ලාසා හෝටලයේ තමඉ මෙම දීමනාව ලබාදෙන්නෙ. මේ සඳහා හෝටලයේ ජෙනරේටරයට සම්බන්ද කර ඇති පාපැදියක් පැදීම මගින් වොට් 10ක විදුලි බලයක් නිෂ්පාදනය කලයුතු වෙනවා. මේ සඳහා සාමාන්‍යයෙන් විනාඩි 15ක් පමන ගතවෙන බව තමයි ඔවුන් කියන්නෙ. කොහොම උනත් නිර්මානශීලී යෝජනාවක්. පරිසරයටත් හොඳයි, ඇඟටත් හොඳයි නොමිලේ කෑමත් හම්බෙනව.

02.   නටනකොට තමයි ලයිට් පත්තු වෙන්නෙ

Dancing Clubs වල ඇති විදුලි බුබුලු හා Speakers සඳහා විශාල ලෙස විදුලිය වැයවෙන බව අපි දන්නවා. ලන්ඩන් වල ඇති “Surya” කියන Bar එක මේ තත්වය මගහරවා ගැනීම සඳහා හොඳ උපක්‍රමයක් භාවිතා කර තිබෙනවා. පුද්ගලයන් නර්තනයේ යෙදෙන ස්ථානයේ බිම Springs සවිකොට, ඒවා තෙරපෙන විට විදුලිය නිෂ්පාදනය වන ලෙස සකස් කොට තිබෙනව. මෙලෙස ලබාගන්නා විදුලි බලය battery වලට ලබාගෙන අවශ්‍ය ස්ථාන වලට ලබාගන්නවා. Club එකේ හිමිකරු Andrew Charalambous පවසන අන්දමට ඔවුන් Club එකේ අවශ්‍යතාවයෙන් 60% විදුලිය මෙමගින් ලබාගන්නව.
03.   Environmental Printer

මෙම රූපයේ දැක්වෙන ප්‍රින්ටරය සඳහා භාවිතා වන්නෙ සාමාන්‍ය කඩදාසි නොවේ. මේ සඳහා යොදාගන්නේ Plastic බෝඩ් එකක්. මෙම Board එක මත පිටපත් කල දේ මකා දමා නැව ප්‍රින්ටරය මගින් පිටපත් කල හැකියි. මෙහි නිෂ්පාදකයා කියන අන්දමට Board එකක් 1000 වාරයක් බාවිතා කලහැකියි. එමනිසා කඩදාසි බාවිතය ගොඩක් අඩු කරගන්න පුලුවන්. (කඩදාසි ටොන් 1ක් හදන්න සාමාන්‍ය ගස් 18ක් කපන්න වෙනව).






04.   කැම්පස් එකේ කට්ටිය සෙට් වෙන තැන

Green design අද ගොඩක් ජනප්‍රිය concept එකක්. මෙම සංකල්පය මෙම රූපයේ දැක්වෙන ගොඩනැගිල්ල ස්ඳහා හොඳින් යොදාගෙන තිබේ. Singapore වල Nanyang Technological University ඇති මෙම ගොඩනැගිල්ලෙහි වහලය පිට්ටනියක ස්වරූපයෙන් නිමවා තිබේ. ශිෂ‍යයන්ට නිදහසේ ගත කිරීමට, වැහි වතුරෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට, නිර්මාණ්ශීලිත්වය තුලින් පරිසරයේ අලංකාරය වැඩිකිරීම, ගොඩනැගිල්ලේ ඇතුලත වාතාශ්‍රය සිසිල්ව තබාගැනීම වැනි කරුනු මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

05.   අහක යන ජලය ප්‍රයෝජනයට ගැනීම

ඉවත යන ජලය පැලයක් වෙත යොමු කරමින් මෙම නිර්මාණ ශිල්පියා මෙම Sink එක නිර්මාණය කර තිබේ.








06.   iPhone එක අතින් චාර්ජ් කරගන්න


මෙම සරල නිර්මාණය මගින් විදුලි බලය භාවිතා නොකොට iPhone එකක් Charge කරගන්න පුලුවන්. නිකන් ඉන්න ගමන් මිරික මිරික ඉන්නයි තියෙන්නෙ.


No comments:

Post a Comment