Thursday, June 16, 2011

දන්සැල් දෙන්නෙ පිං ගන්නද? Fun ගන්නද?

ඇත්තටම දන්සැල් දීම නැත්නම් දන් දීම ඉතාම හොඳ පුණ්‍ය කටයුත්තකි. කෙනෙකුගේ කුසගින්න පිපාසය සංසිඳුවීම උදෙසා ලබාදෙන දන්සැල් ඉතිහාසයේ පටන් පැවත එන අතර මේවා වෙසක් හා පොසොන් දින මූලික කරගෙන සිදුකරයි.
සුපුරුදු පරිධි මමත් ගියා පොසොන් දවසෙ දන්සැල්. අඩියෙන් අඩියට දන්සැල්. කොඩි වනනව, වෙස් මූණු දාගෙන ඇඟට පනිනව, DJ දාල නටනව......එක විකාරයයි. මේ විකාර ගැන මට ඉතින් ලියන්න හිතුන.
අද දන්සැල් වල නොදෙන දෙයක් නැත. Fide Rice, Ice Cream, යෝගට්, රොටී, මාලු බනිස්, හුළං (Bicycle වලට), ඹූමි තෙල්,...................etc. ඇත්තටම අද දන්සැල් දෙන්නෙ පිං ගන්නද නැත්නම් Fun ගන්නද. හොඳ ශ්‍රද්ධාවෙන් දෙන පිරිසකුත් නැතුව නෙවෙයි. ඒත් බහුතරයක් අද දන්සැල් දෙන්නෙ Fun එකට. අපි දන්සැල් යන්නෙත් Fun එකට. එහෙම නේද. ඇත්තටම අද දන්සැල් සංස්කෘතිය නම් විකාරයක්.
දන්සැල් වෙනුවෙන් වෙසක් එකටයි පොසොන් එකටයි නාස්ති කරන සල්ලි වලින් නැති බැරි පවුලකට ගෙයක් හදල දුන්න නම්, දුප්පත් ළමයින්ට පොත් ටිකක් අරන් දුන්න නම්, ගමේ ඉස්කෝලෙට පංති කාමරයක් හදල දුන්න නම් කොච්චර වටිනවද? කොච්චර පිංද?
මේ මගේ අදහස්.ඔබ මොකද හිතන්නෙ !

No comments:

Post a Comment